May 04, 2024

පැල කඩාවැටී ගොවියෙක් මියයයි - තවත් 05කට තුවාලයි (PHOTOS) 

ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ ගසක් උඩ තනා තිබූ පැල කඩාවැටීමෙන් ගොවියෙක් මිය ගොස් තවත් ගොවීන් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

කලාගම පදිංචි ආර්. එම්. උක්කුබණ්ඩා නමැති 47 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. ඉන් තුවාල ලැබූ ගොවීන් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ. 

මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලින් ගැවසෙන බැවින් රාත්‍රියේ දී ගොවීන් පැල් රකින්න යන අතර එදින ගොවීන් රාත්‍රි 09.30ට පමණ සියඹලා ගසක් උඩ තනා ඇති පැලට නැග හතර දෙනෙක් කාඩ් සෙල්ලම් කරමින් හිඳ තිබේ.

දෙන්නෙක් නිදාගෙන හිඳ ඇති බවත් එකවරම ලී දණ්ඩක් කඩාගෙන වැටී සියලුදෙනාම අඩි 30ක් පමණ උඩකින් බිමට ඇද වැටී ඇති බවත් වාර්තා වේ.

කාංචන කුමාර ආරියදාස

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2016 15:36