May 04, 2024

ධම්මිකට උසාවියෙන් දැඩි අවවාද

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේ ය.

''ජනතා මුදලින් නඩත්තුවන තමන් වැනි පුද්ගලයකු අධිකරණ පරිශ්‍රයේ දී ගැසිරෙන්නේ මෙසේ නම් වරාය අධිකාරියේ හැසිරෙන ආකාරය සිතා ගත හැකියි." යනුවෙන් පිලපිටිය මහතා සැකකාර සභාපතිවරයාට පවසා තිබේ.

මාර්තු 17 වැනි දා කෙසෙල්වත්ත පොලීසියට පැමිණ සටහන් තබා ප්‍රකාශයක් ලබා නොදී යැවීම සම්බන්ධයෙන් ඔහුට විශේෂ වරප්‍රසාදයක් දැක්වූයේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් ප්‍රශ්න කළේ ය.

'තමුන්ගේ අයියා මේ පත්වීම ලබා දීලා තියෙන්නේ. අයියාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු කරන්න.' යැයි ද ඔහුට අවවාද කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසී ය.

සැකකාර රණතුංග මහතා උසාවි පරිශ්‍රයේ දී මාධ්‍යවේදියා පටිගත කළ බව කියන ඔහුගේ ජංගම දුරකතනය පොලීසියට බාර දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය ජූලි 28 වැනි දාට කල් තැබී ය.

Rate this item
(1 Vote)