May 04, 2024

සිසිලියා කොතලාවලට ඇප

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන ගොල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ සිසිලියා කොතලාවල මහත්මියට අද (24) ඇප නියම වී තිබේ.

ගෝල්ඩන් කී සමාගමේ මූල්‍ය වංචාවට අදාළව ඇයට එරෙහිව පවරා ඇති නඩුවක් හේතුවෙන් කොළඹ මහාධිකරණය විසින් ඇයව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

එම සිදුවීමට අදාළව ඇය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් රු.ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත ඇයට ඇප ලබාදීමට අද නියෝග කර ඇත.

මීට අමතරව සිසිලියා කොතලාවල මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණභාරයේ තබාගත් අතර ඇය විදේශගතවන්නේනම් අධිකරණයේ අවසරය ලබාගත යුතු බව ඇයට දන්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2016 12:05