May 04, 2024

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම කඩිනම් කෙරේ

මෙරට සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සහ රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව 45 දක්වා වැඩි කිරීමට, උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළව අගමැතිවරයා පත් කළ කමිටුව එකඟතාව පළ කළ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව පළාත්වල පවතින සියලු ගුරු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු, ජාතික පාසල් ගුරු පුරප්පාඩු සහ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අදාළ සියලු පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලා ඊට අදාළ මුදල් වෙන්කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මුදල් අමාත්‍යාංශයට පත්‍රිකාවක් යවා ඇති බව ද වාර්තා වේ. 

අගමැතිවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ව්‍යාපෘති ලේකම් ශාන්ත බණ්ඩාර මහතා විසින්  රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය වෙත මේ බව දැනුම් දී තිබේ.

 

Rate this item
(2 votes)