May 19, 2024

පොලීසිය පහරදුන්නැයි තිදරු පියා රෝහලේ

රුපියල් ලක්‍ෂ දෙකක මුදල් ලබා ගත් බවට පිළිගන්නා ලෙසට බලකරමින් වැලිකඩ පොලිසියේ නිළධාරින් තමන්ට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි පවසමින් තිදරු පියෙක් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් වී තිබේ.

කොළඹ, නාවල කොස්වත්ත ප්‍රදේශයේ‍ නිවසක කම්කරුවෙකු ලෙස සේවය කළ තිස් දෙහැවිරිදි තිදරු පියෙකුට වැලිකඩ පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් කිසිදු ආහාරයක් හෝ වතුර පොදක් ලබානොදි පොලිසිය තුල දින දෙකක් රදවාගෙන රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් සොරකම් කළ බවට පිළිගන්නා ලෙස තමන්ට පහරදුන් බව පවසා දෙදරු පියෙක් බගවන්තලාව රෝහලට ඊයේ (12) ඇතුලත් වී ඇත. 

බගවන්තලාවවත්තේ පහළකොටසේ පදිංචි ගොවින්දරාජ් ඥනසේකරන් නැමැති මෙම තිදරු පියා දැනට මාස දෙකට ප්‍රථම‍ කොළඹ ප්‍රදේශයේ‍ මෙම නිවසට සේවයට ගොස් ඇති අතර එහි මාස දෙකක කාලයක් සේවය කර ඉකුත් වසරේ 2015.12.03 දින නිවාඩු ලබා නිවසට පැමිණ නිවසේ තිබෙන ගැටලූ රාශියක් හේතුවෙන් නැවත එම ස්ථානයේ සේවයට නොගිය බව ගොවින්දරාජ් ඥනසේකරන් පවසයි. 

නිවාඩු පැමිණෙන අවස්ථාවේ තමන් වැටුපට අමතරව රුපියල් පහළොස් දහසක මුදලක් නිවාස හිමියාගෙන් ලබාගත් බවද ඥානසේකරන් සඳහන් කළේය. 

සේවයට නැවත නොපැමිණි නිසා නිවැස් හිමියා විසින් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය හරහා තමන්ට ඉකුත් 2016.03.08 දින වැලිකඩ පොලිසියේ පෙනි සිටින ලෙස කරන ලද දැනුම්දීමක් මත තම මිතුරෙකු සමග වැලිකඩ පොලිසියට ගිය අවස්ථාවේ එම පොලිසියේ පොලිස් නිළධාරින් සිවිදෙනෙකු තමන්ට මෙම පහරදිම සිදුකළ බව ගොවින්දරාජ් ඥානසේකරන් පැවසී ය.

මෙම පහරදිම නිසා තමන්ගේ පාදයකට හා බෙල්ල ප්‍රදේශයේ තැලිම් ගණනාවක් ඇති බවත් ගොවින්දරාජ් ඥානසේකරන් පවසනවා. තමන්ට මෙම පොලිස් නිළධාරින් පහරදිම සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන ලෙස ඥානසේකරන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. 

මෙම පහරදිම සම්බන්ධයෙන් බගවන්තලාව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසුරිය මහතාගෙන් අපකළ විමසීමකදී ඔහු පවසා සිටියේ පහර දිය හැකි බවට සැකකල හැකි තැලිම් කිහිපයක් ඔහුගේ සිරුරේ ඇති බවයි.  

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(1 Vote)