May 19, 2024

සූර් වූ රියදුරන් අල්ලන්න පොලීසියට බැලූන් තොගයක් 

මත්පැන් පානය කර රථවාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා බැලුන් හෙවත් ස්වසන නළ පනස්දහසක් දකුණු අප‍්‍රිකාවෙන් පොලිස් දෙපාර්තමේන්තුව මගින් මෙරටට ගෙන්වා ඇත.

දිවයින පුරා පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාස 43ට ‍ඒවා දැනටමත් බෙදාහැර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසී ය.

මෙම එක් ස්වසන නළයක වටිනාකම රුපියල් 300කට ආසන්න වන අතර මේවා වැඩිම ප‍්‍රමාණයක් බෙදාහැර ඇත්තේ කොළඹ, ගම්පහ සහ නුගේගොඩ යන ප‍්‍රදේශවලට අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසවලට බවත් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Rate this item
(0 votes)