May 19, 2024

තව මාස හතරකින් හොරකම් කළ හැටි හෙළිවෙයි - නීතිඥයන් හොයා ගන්නැයි අගමැති කියයි

හොරකම් කළ විදිය තව මාස තුන හතරකින් රටට හෙළිවෙන බවත් ඒ කාලයට හොඳ නීතිඥයන් හොයා ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයක් අතරතුර ඇති වූ විවාදයේ දී අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය. 

ආර්ථික විශේෂඥ ජෝර්ජ් සෝරෝස් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමු කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍ර‍කාශ කළේය. 

“අපි කාටවත් ආරාධනා කළේ නෑ. එතුමා සමුළුව තියලා, අපිට ආරාධනා කළා, ඊට සහභාගී වෙන්න කියලා. අපි හෝටල්වලට ගෙව්වෙත් නෑ. ප්‍රංශ අධිකරණය ඔහු වරදකරුවෙකු කළේ නෑ. රාජපක්ෂ රෙජීමය වාගේ, හොරු නෑ ඒ රටේ. බිලියන දහසක් අපිට වැඩිපුර ගෙවන්න සිදුවෙලා. මිනිස්සු සූරා කෑවා, ඉඩම් අරගෙන සූරාකෑවා. මිනිස්සුන්ගේ සල්ලි සූරාකෑවා. ලැජ්ජා නැතිව මොකක්ද මෙතැන අහන්නේ.“ 

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, ආරම්භ කළ ආණ්ඩුවට ලෝකයේ මිනිස්සු එනවා. ජෝර්ජ් සෝරොස්ලා ගේන්න මේ අය ගිහින් වැන්දා. බුලත් දුන්නා. කවුරුත් ආවේ නෑ. දැන් ඇවිත් කෑ ගහනවා. මිනිස්සු ආවාම සියයට 5%ක කොමිස් එකක් ඉල්ලනවා. ඇමෙරිකාවත් බය වුණා එන්න. කොමිස් ගන්නවා නම් කවුද මෙහාට එන්නේ. ජෝර්ජ් සෝරොස්ලා එන්නේ නැහැනේ හොරු එක්ක. ලෝකය පිළිගත් පුද්ගලයන්. හොරකම් කරපු කාලේ ජෝසප් ස්ටික්ලිත් ආවේ නෑ.හොරකම් කරන කලේ කවුරුත් ආවේ නෑ. මේ අය කියන්නේ දැන් ධනවාදයේ අඩුපාඩු කම් තිබෙනවා, ඒවා හදන්න ඕන කියනවා. 

පුළුවන්තරම් හම්බකරගන්නයි අවශ්‍යය. තව මාස තුන හතරකින් හොරකම් කළ විදිය මේ රටට හෙළිවෙනවා.ඒ කාලයට හොඳ නීතිඥයන් හොයා ගන්නැයි“ අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 March 2016 03:31