May 19, 2024

වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට

පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500කින් වැටුප් වැඩි කිරීම සහ අවම වැටුප රුපියල් දස දහසක් ලෙස නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් අද (11) ඉදිරිපත් කළේ ය.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 10,000 අවම වැටුප සහ රුපියල් 2500ක වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි මස සිට කි‍්‍රයාත්මක විය යුතුවන අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට අවම වැටුපක් පනතක් මගින් පනවනු ලබන ප‍්‍රථම අවස්ථාව ද මෙය වේ.

 

Rate this item
(0 votes)