May 19, 2024

රාජ කුමාරවරුන්ට හැදූ සුපිරි බංගලාවක් ගැන හෙළිවෙයි (VIDEO) 

පසුගිය රජය සමයේ විදෙස් රටවලින් ලබාගත් ණයවලින් 90% ක් ම යෙදවූවේ ඵල ප්‍රයෝජනයක් රහිත දේවල් සඳහා බවත් එම ණයවලින් සිදු කළේ කුමක් ද යන්න තමන් දන්නා බවත් කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී ය.

පසුගිය රජය සමයේ  රාජ කුමාරවරුන්ට ඉදි කළේ යැයි සැක සහිත රුපියල් ලක්ෂ 1610 ක වියදමින් පානම ප්‍රදේශයේ සංචාරක බංලගාලාවක් ඉදි කර ඇති බව ද ඔහු එහි දී අනාවරණය කළේ ය.

ගුවන් හමුදාවේ මුදල් වැය කර එය ඉදි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් බවත් ඔහු පෙන්වා දුන්නේ ය. 

එම වීඩියෝව පහතින්, 

 

 

 

Rate this item
(1 Vote)