May 17, 2024

ඉන්ධන මිලේ වෙනසක් - මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා නව මිල සූත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් එය ළඟදීම හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එම මිල සූත්‍රය මේ වන විට සකස්කර අවසන්වී තිබෙන බවද ඒ පිළිබඳ ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී  සඳහන් කළේය.

චන්දිම වීරක්කොඩි මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක මන්ත්‍රීවරයා ඉකුත් දිනක පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

 

Rate this item
(0 votes)