May 17, 2024

හොරෙන් වතුර ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

අඟුණකොලපැලැස්සේ හිටපු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය හෝටලයට ව්‍යාජ ලෙස නල ජලය ලබා ගෙන සිටිය දී හම්බන්තොට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අයථා ජල අංශයේ විමර්ශන නිලධාරීන් මගින් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

අඟුණකොලපැලැස්ස පොලීසියේ නිලධාරීන්ගේ ද සහාය මත එම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත.

ජල මනුවට පිටින් අතුරු ජලනල මාර්ගයක් මගින් දීර්ඝ කාලයක් හොරෙන් ජලය ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ජල සම්පාදන මණ්ඩලයට සිදු වී ඇති පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති බව ද  වාර්තා වේ.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 March 2016 10:04