May 17, 2024

CSN වෙබ් අඩවියට ඇතුළු වූ අයෙක් දත්ත මකා දමයි

CSN රූපවාහිනී නාළිකාවේ වෙබ් අඩවිය වන www.csn.lk හි තිබූ දත්ත කිසියම් පුද්ගලයෙකු විසින් මකා දමා ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කරගෙන තිබේ.

එසේ දත්ත මකා දමා ඇත්තේ අධිකරණ වරෙන්තුවකට අනුව CSN නාලිකා පරිශ්‍රය තුළ සෝදිසි මෙහෙයුමක් සිදු කළ දින දීම වීම විශේෂත්වයකි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම දත්ත මැකීම පිළිබඳව ඊයේ (10) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත දැණුම් දුන්හ.

මෙම දත්ත මකා දැමීම විදේශ රටක සිට සිදු කර ඇති බවත් එය සිදු කළ තැනැත්තා  වෙබ් අඩවිය වෙත පිවිසී ඇත්තේ ආයතන වෙබ් අඩවිය යටතේම තනා ඇති This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා බවත් වැඩි දුරටත් අනාවරණය කරගෙන ඇත.

එම ලිපිනය අයිති පුද්ගලයා වන්නේ CSN ආයතනයේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ ජයසූරිය හෙට්ටිආරච්චිගේ හර්ෂණ පුෂ්පකුමාර නමැත්තෙකු වන අතර එම පළමු දත්ත මකා දැමීමෙන් පසු අවස්ථා 63ක දී කැනඩාවේ සිටත් තවත් අවස්ථා 12ක දී ඔස්ට්‍රේලියාවේ සිටත් දත්ත මකාදැමීම සිදු කර ඇති බව හෙළි වී තිබේ.

දැනට විදෙස්ගතව සිටින හර්ෂණ නමැත්තා මෙම විමර්ශන ආරම්භයේ සිටම එයට බාධා කර ඇති බව සඳහන් කළ පොලීසිය ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එයට අනුව අධිකරණය විසින් හර්ෂණ පුෂ්පකුමාර නමැත්තා මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම් කළ අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විදේශීය වරෙන්තුවක් ද නිකුත් කිරීමට පියවර ගත්තේ ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 March 2016 14:17