May 17, 2024

වැසිකිළි අහිමි ලක්ෂයක් ගැන අගමැති හෙළි කරයි

වතු ආශ්‍රිත ලක්ෂයකට අධික ජනතාවකට වැසිකිළි පහසුකම් නොමැතිබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කරයි.

මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන බවත් වතුකරයේ ජනතාව පීඩාවිඳින ස්ථිර නිවසක්, ස්ථිර ඉඩමක් නොමැති වීමේ ගැටලුව ඇතුළුව සියලුම ගැටලුවලට වසර 05 ක් තුළ විසඳුම් ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

වතු ජනතාවගේ ජීවිතය නගාසිටුවීම සඳහා සකස් කළ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා ඊයේ (10) මෙම අදහස් පළ කළේ ය.

Rate this item
(0 votes)