May 17, 2024

ධම්මාලෝක හිමිගෙන් ඇප අයැදුමක් 

බලපත්‍රයක් නොමැතිව අලි පැටියකු තබා ගත්තැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත ගත කරන සිටින උඩුවේ ධම්මාලෝක හිමියනට ඇප ඉල්ලීමේ අයදුම්පතක් ඒ හිමියන්ගේ නීතීඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (10) ඉදිරිපත් කර තිබේ.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ආදාහන පූජෝත්සව කමිටුවේ ක්‍රිරියාකාරි සාමාජිකයෙකු බැවින් ඒ සඳහා සහභාගිවීමට උන්වහන්සේට ඇප ලබාදෙන ලෙස නීතීඥවරයා පෙන්වා දී ඇත.

ඒ පිළිබඳ හෙට (11) දිනයේ දී සලකා බැලෙන බව ඒ පිළිබඳ සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පවසා ඇත.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ (09) දිනයේ දී අත්අඩංගුවට ගෙන ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

Rate this item
(0 votes)