May 17, 2024

තිලංගගේ චෝදනා ලිපිගොනුවක් ඇමති අර්ජුන ජනපතිට බාරදෙයි

ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට එල්ලවී ඇති චෝදනාවලට අදාළ ලිපිගොනුවක් ඊයේ (09) පැවති කැබිනට් හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බාරදී තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් කැඳවා සාකච්ඡාකරන බව මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.

එමෙන්ම මෙම චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද මෙහිදී ප්‍රකාශ වී ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)