May 17, 2024

හිමිවරු දෙනම ගමන් ගත් රථය අනතුරට - බීමත් රියැදුරු අත්අඩංගුවට (PHOTOS)

හිමිවරු දෙදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (09) රාත්‍රියේ වටවල ප්‍රදේශයේ දී අනතුරට ලක් වීමෙන් එක් හිමි නමක් බරපතල තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා  නාවලපිටිය රෝහල වෙත මාරු කර තිබේ.

බලංගොඩ පින්නවල සිට හැටන් හරහා මාතලේ දක්වා  හිමිවරු දෙනමක් ගමන් ගත් මෝටර් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ දී ලංගම අපදා රථයක එලෙස ගැටී ඇති අතර හිමිවරු දෙනම ගමන් ගත් මෝටර් රථයේ රියදුරු අධික ලෙස බීමත් ව සිටි බවට සැකපිට වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ඩිපෝවට අයත් එම ආපදා රථය මාතලේ සිට හැටන් දක්වා ධාවනයවන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථය බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ.

හිමිවරු ගමන් ගත් මෝටර් රථය ධාවනය කළ රියැදුරා අධික ලෙස බීමත් ව සිටි බැවින් ඔහු වෛද්‍ය පරික්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරු ව  ඔහු වටවල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරු අද (10) හැටන් මහේස්ත්‍රාවරයා වෙත ඉදිරිපත් කරන බව වටවල පොලීසිය සඳහන් කරයි.

හැටන් - රංජිත් රාජපක්ෂ   

Rate this item
(0 votes)