May 17, 2024

බැසිල් ඇතුළු පිරිසට ඇප - විදෙස් ගමන් තහනම්

දිවි නැගුම මුදල් වංචා කළැයි කියන සිද්ධියට අදාලව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා හා දිවි නැගුම  සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව නඩුව ජුලි 22 වැනිදා විභාග කිරිමට මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය  නියම කළාය.

බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ පහ බැගින් ද රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප ද නියම විය.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර උසාවි බාරයට ගත්හ. බැසිල් රාජපක්ෂ අද (10) පෙරවරුවේ අධිකරණයට පැමිණ සිටියේය.

Rate this item
(1 Vote)