May 17, 2024

යෝෂිතට අදත් ඇප නෑ

සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා මාර්තු 24 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේ ය.

නිශාන්ත රණතුංග මහතා , රොහාන් වැලිවිට මහතා, අශාන් රවිනාත් ප්‍රනාන්දු මහතා, කවිශාන් දිසානායක මහතා යන සෙසු පිරිස ද 24 වැනි දා තෙක් බන්ධනාගාරගත කරනු ලැබී ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණයට පැමිණ සිටියේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2016 11:01