May 06, 2024

දිවයින පුරා උග්‍ර ලුණු හිඟයක්

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් දිවයින පුරා උග්‍ර ලුණු හිඟයක් මාසයක පමණ කාලයක් සිට පවතින බව තොග වෙළෙඳුන් සඳහන් කරයි.

පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වය හමුවේ රැපියල් 30ට අලෙවි වූ ලුණු කිලෝවක් රුපියල් 90කට අලෙවි කිරීමට සිදු වී ඇත්තේ ලුණු නිෂ්පාදිකයින් විසින් මිල වැඩි කිරීම හේතුවෙන් බව තොග වෙළෙඳුන් පවසයි.

හම්බන්තොට ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු අඩාලවීම හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදකයෙක් විසින් දැනට ලුණු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබයි.

ලුණුවලට බද්දක් අය කිරීම හේතුවෙන් මෙසේ මිල වැඩි කිරීමට සිදු වූ බව එම වෙළෙඳුන් ද පවසයි. මෙම ලුණු හිඟය හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත් වී සිටී.

හැටන් - රංජිත් රාජපක්ෂ 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2016 16:38