May 06, 2024

හම්බන්තොට ගොවීන් විරෝධතාවයක - තිස්ස පාර අවහිර වෙයි (PHOTOS) 

හම්බන්තොට ගොවි සංවිධාන කිහිපයක ගොවියෝ අද (09) වීරවිල මංසන්දියේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

එම විරෝධතාවය සඳහා ගොවි සංවිධාන රාශියක ගොවීන් 1500 කට වඩා පිරිසක් සහභාගි වී සිටි අතර විරෝධතාවය හේතුවෙන් තිස්සමහාරාම මාතර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ද පැය එකහමාරක පමණ කාලයක් අඩාල විය.

පොහොර සහනාධාරය පෙර ලෙසම ලබා දෙන ලෙසත්, වී සඳහා සහතික මිලක් ලබා දෙන ලෙසත්, නව බැංකු ගිණුම් සැකසීම හා ඡායාරූප ගැනීම වැනි කටයුතුවල දී ගොවියන් අපහසුතාවයට පත්වීම නවත්වන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. 

රජය ගොවියා ගොවිතැනින් ඉවත් කිරීමට දරන උත්සාහයට විරෝධය පෑමක් ලෙසත් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.

විරෝධතාවය අතරතුර තවත් කණ්ඩායමක් එම විරෝධතාකරුවන්හට බාධාවන පරිදි හූ කියමින් කෑ ගසමින් බාධා කළ ද එම සිදුවීම ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශිය නායකයින්ගේ විවේචනයට ලක් විය.

පටු දේශපාලන වාසි පතා ගොවිජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන මෙවැනි විරෝධතා වයන් කඩා කප්පල් නොකරන ලෙස ඔවුන් පවසයි. 

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 March 2016 14:51