May 06, 2024

නාමල්ට FCIDයෙන් නඩු!

මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝණය කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමු‍‍ණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන වසන්ත සමරසිංහ මහතා විසින් දූෂණ විරෝධී කාර්යාලයට බාරදුන් පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණය ආරම්භ කළ බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.

නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගන්නා මුදල් වලින් රුපියල් කෝටි 15ට වඩා වැය කරමින් හෙලෝ කෝප් නමැති සමාගමක් මිලදී ගෙන ඇති බවට මෙම පැමිණිල්ලේ දැක්වෙන බව අධිකරණය හමුවේ පෙන්වාදී තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හැර මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පරික්ෂණයට සම්බන්ධ 7 දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද, එසේම මූල්‍ය සමාගම් 4ක ඇති ගිණුම් අත්හිටුවීමට ද නියෝග කර තිබේ.

 

Rate this item
(1 Vote)