May 06, 2024

'මගේ පුතා ලංකාවට එනවා' - විමුක්ති ගැන චන්ද්‍රිකා හෙළි කරයි

තම පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග කිසිදු දිනයක ශ්‍රී ලංකාවේ දේශපාලනය නොකරන බව හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව පැවසූවේ ‘සවිබල රටක් - තිරසර හෙටක්‘ මැයෙන් ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (08) සංවිධානය කර තිබූ කාන්තා දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

ඇය මෙසේද කීවාය.

“මම කාගෙන්වත් තනතුරු ඉල්ලන්නේ නැහැ. මගේ පුතා මෙහෙ දේශපාලනය කරන්න එන්නෙත් නැහැ. හැමදාම මේ රටේ පවුල් බලය තියෙන්න ඕන කියලා මම කියනනේ නැහැ. එයා මේ රටට ඇවිත් රටට සේවය කරයි. එහෙත් දේශපාලනය කරන්නේ නැහැ. මෙච්චර රට වෙනුවෙන් කැපවෙලා වැඩකරලා රට විනාශ වෙනවා බලාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න බැරි නිසයි පසුගිය ජනාධිපතිවරණයේදී මම උදවු කරන්නත් ආවේ. අන්තිමට හැම බරක්ම අදින්න වුණෙත් මටමයි“ යැයි හිටපු ජනාධිපතිනිය කීවාය.

 

Rate this item
(3 votes)