May 16, 2024

යාපනය බස්නැවතුම් පොලෙන් ලක්ෂ 14 ක ගංජා මතුවෙයි

යාපනය මධ්‍යම බස්නැවතුම් පොලේ දී රුපියල් ලක්ෂ 14 ක් වටිනා කේරල ගංජා කිලෝ 08 ක් ග්‍රෑම් 400 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම සිට යාපනය දක්වා ගමන්ගත් බස් රථයකින් පුද්ගලයින් දෙදෙනෙකු කේරල ගංජා රැගෙන එන බවට යාපනය පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 

එහි දී එක් පුද්ගලයෙකු බස් නැවතුම්පොල ඇතුළත සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ළඟ තිබූ කේරල ගංජා කිලෝ 02 ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. අනෙක් පුද්ගලයා බස්නැවතුම් පොල අසල තිබූ තැපල් කාර්යාලයක් අසල දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ළඟ තිබිය දී කේරල ගංජා කිලෝ 06 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. 

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)