May 03, 2024

"ජනපතිට කියන්න" පැමිණිලි 44,677 ක් - වැඩිම පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශයට 

ජනවාරි 08 වන දා ආරම්භ කරන ලද "ජනපතිට කියන්න" වැඩසටහන සඳහා මේවන විට පැමිණිලි 44,677 ක් ලැබි ඇති බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්  ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ජනතාවගේ ප්‍රශ්න කෙලින්ම ජනපතිට යොමු කිරීම සදහා ආරම්භ කරන ලද "ජනපතිට කියන්න" වැඩසටහනේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනතාවට වඩාත් සමීප රාජ්‍ය සේවයක්, ජනතාවට වග කියන ප්‍රතිචාරාත්මක රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ඕනෑම දුරකථනයකින් 1919 අමතා මෙම සේවාව හා සම්බන්ධ විය හැකිය.නැතහොත් තැපැල් පෙට්ටිය 123 වෙත ලිපියක් යොමු කිරීමෙන් හා tell.president.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත විද්‍යුත් තැපැල් පණිවුඩයක් යොමු කිරීමෙන් ද තම පැමිණිල්ල යොමු කළ හැකිය.

2020 වනවිට සෑම පුරවැසියෙකුටම රාජ්‍ය පරිපාලනය හරහා ඔවුන්ගේ ප්‍රශ්න ක්ෂණිකව විසදා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ලක්තිලක මහතා මෙහිදී පැවසීය.

මෙම වැඩසටහන යටතේ පැමිණිලි වැඩිම සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට බවත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනමම කවුලුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අනාවරණය විය.

 

Rate this item
(0 votes)