May 03, 2024

ඩී.වී. උපුල්ට ඇප

තිස්සමහාරාම පොලීසිය වෙත භාර වූ දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී.උපුල් මහතා අද (08) තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රුපියල් 5000 ක ඇපමත මුදාහරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය නියෝග කර තිබේ.

තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවති වෛද්‍ය සායනයක දී ධීවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී.උපුල් මහතා අද (08) තිස්සමහාරාම පොලීසිය වෙත භාර විය. 

එම පහරකෑමට ලක් වූ ධීවරයා තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුව අමාත්‍යවරය පොලීසියට භාර විය. එමෙන්ම පහරකෑමට ලක්ව සිටි අදාළ ධීවරයා දින දෙකක් හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේ. නඩුව  නැවත මැයි 10 වැනි දා කැඳවීමට නියමිතය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 16:12