May 09, 2024

මහින්ද - ශිරන්ති සමග නවගමුවේ දේව කන්නලවුවක (PHOTOS)

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ ලබාදුන් දීමනා නොලැබෙන බවත් ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම් කරන බවත් ජනමාධ්‍යවේදීන්ට බලපෑම් කරන බවත් කියමින් ඒවාට විරුද්ධව අද (08) යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව සත් පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පැව්ත්විණි.

නිදහස් කාන්තා එකමුතු සංවිධානයේ කාන්තා දින ආශිර්වාද පූජාව හා දේව කන්නලවුව නවගමුව සත් පත්තිනි දේවාලයේදි අද (08) පෙරවරුවේ පැවැත්විණි.  

මෙම දේවාශිර්වාද පූජාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර සහ රංගන ශිල්පිණි ඕෂධී හේවාමද්දුම යන මහත්ම මහත්මීන් සහභාගී වි සිටියහ.

මෙම අවස්ථාවට තවත් විශාල පිරිසක් සහභාගී වී තිබේ. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 12:22