May 09, 2024

කුලියාපිටිය දරුවාට සුපිරි පාසලක් හිමිවෙන ලකුණු

ඒඩ්ස් රෝගය වැලදී ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට කොළඹ ආනන්ද විද්‍යාලයය හෝ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයය ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මාස තුනක් යන තුරු දරුවාට අධ්‍යාපන අයිතිය නැති වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, ඔහුට පාසලක් ලබා නොදීම සම්බන්ධයෙන් කුලියාපිටිය අධ්‍යාපන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලයි.

ගුරු සංගමයේ පිරිසක් අද (08) කුලියාපිටියට ගියහ.

ත්‍රිත්ව විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් ද පසුගියදා එහි ගොස් තිබිණි.

මේ අතර ජනපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය දා එහි ගිය අතර පසුව ජනපතිවරයා දුරකතනයට ඔස්සේ  සම්බන්ධ කරගනිමින් ජනපතිවරයා හා කතා කිරීමට අදාළ මවට අවස්ථාව ලබාදී තිබේ.

'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

Rate this item
(0 votes)