May 09, 2024

ගැබිණි කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු කොටු (VIDEO)

පසු ගිය දිනෙක වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගර්භනී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ව තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 05 වැනි දා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු වූ අතර ඉන් තුවාල ලැබූ ගර්භනී කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බැලීමට පැමිණි කාන්තාවක් එලෙස තුවාල ලබා තිබේ.

කෙසේ වුව ද මෙම සිද්ධියට අදාළව 26 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම වීඩියෝව පහතින්, 

Rate this item
(0 votes)