May 08, 2024

ගිනි තැබූ පාසලට හරීන් පන දෙයි 

බදුල්ල කන්දකැටිය - කන්දකැපු උල්පොත විදුහලේ ගිනි තබා විනාශ කළ පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පරිත්‍යාග කර තිබේ.

සිදු කළ විනාශය අමාත්‍යවරයාගේ විමර්ශනයට ලක් වූ අතර එම විදුහලේ පන්ති කාමර ගොඩනැගිලි ප්‍රමාණවත් නොවුන බැවින් තුන් වැනි ශ්‍රේණියේ පන්ති 03 ක සිසුන් 90 දෙනෙක් සඳහා එම දෙමව්පියන් විසින් තාවකාලික ව ඉදිකර දුන් ගොඩනැගිල්ලට පසුගිය දිනෙක ගිනි තබා තිබේ.

එම ගොඩනැගිල්ල තුළ වූ ගුරු අත්පොත්, ළමා නිර්මාණය සහ ලී බඩු ද ගින්නට හසු වී විනාශ වී ඇත. ඒ හේතුවෙන් පන්ති පැවැත්වීමට නොහැකිව ඉකුත් දින 02ක් සිසුන් පාසලට පැමිණ නොමැත.

සිද්ධිය පිළිබඳ මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බදුල්ල - පාලිත ආරියවංශ  

 

Rate this item
(0 votes)