May 09, 2024

ක්‍රිකට් තේරීම් කාරක කමිටුව අළුත් වෙයි - සංගාත් කමිටුවට

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් 2016-2017 වසර සඳහා ක්‍රිකට් තේරීම් කාරක කමිටුව පත්කර තිබේ.

ඒ අනුව එහි සභාපති ලෙස අරවින්ද ද සිල්වාද, කමිටු සාමාජිකයින් ලෙස කුමාර සංගක්කාර, රොමේෂ් කළුවිතාරණ, ලලිත් කළුපෙරුම, රංජිත් මදුරසිංහ යන පත්කර ඇති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජාතික කණ්ඩායම විසින් මෑත යුගයේ නවසීලන්ත සංචාරය, ඉන්දීය සංචාරය හා ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ සංචාරය ආදියේදී අපේක්ෂා කළ තරමේ දක්ෂතා දැක්වීමට නොහැකිවීම මෙලෙස හදිසි තේරීම් කාරක කමිටුව පත්කිරීමට හේතුවී ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)