May 08, 2024

දකුණු පළාත් ඇමති උපුල් පොලිසියට භාරවෙයි

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී උපුල් මහතා තිස්සමහරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර අමාත්‍යවරයා අද (08) පෙරවරුවේ පොලිසියට බාර‍වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

පසුගිය 05 වැනි දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දී ලුණුගම්වෙහෙර පුද්ගලයෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියේය. 

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරන බවට පසුගිය වසරේ තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් දැනටමත් ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 March 2016 13:13