May 02, 2024

ඌවේ ගොවීන් විරෝධතාවයක

පෙර පැවති ක්‍රමයටම පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ සහ ඌවපරණගම ප්‍රදේශයේ එළවළු සහ අර්තාපල් ගොවීන් අද (07) වැලිමඩ නගරයේ දී විරෝධතාවයක නිරත වී තිබේ.

සමස්ත ලංකා ගොවිජන සංවිධාවය විසින් එය සංවිධාන කළ අතර පැය 02 කට ආසන්න කාලයක් එම විරෝධතාවය පවත්වා ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා, ඌව පළාත් සහා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද ඒ සඳහා සහභාගී වී තිබේ.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

 

Rate this item
(1 Vote)