May 02, 2024

හින්දු භක්තිකයන් ශිවරාත්‍රිය සමරයි (PHOTOS)

අදට (07) යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් වතුකරයේ ප්‍රධාන නගරවල හා වතු ආශ්‍රිව ඇති සිවම් කෝවිල්වල අද (07) පස්වරුවේ සිට විශේෂ ආගමික පූජා ආරම්භ කර තිබේ.

හෙට (08) අළුයම තෙක් පැවැත්වෙන එම ශිවරාත්‍රී පූජාවට හින්දු භක්තිකයන් උපවාසයේ යෙදෙමින් හෙට (08) අළුයම තෙක් එම කෝවිල්වල ආගමික වතාවන්වල නිරතවන බව වාර්තා වේ.

හින්දු භක්තිකයන් සිටින සෑම නිවසක් ඉදිරිපිටම පොල්තෙල් පහන් දැල්වමින්  නිවසට පහන් එළිය ලැබිමෙන් ශිව දෙවියන්ගේ ආශිර්වාදය එම නිවසේ සියලුදෙනාට ලැබෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් ද පවතී.

ශිවම් කෝවිල්වල අද (07) විශේෂ ආගමික වතාවන් ද පවත්වයි.

හැටන් රංජිත් රාජපක්ෂ 

 

Rate this item
(0 votes)