May 02, 2024

වියළි කාලගුණික තත්ත්වය ඉදිරියටත්

පවතින වියළි කාලගුණ තත්ත්වය මාර්තු මස 15 වැනි දා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඊසාන දිග මෝසමේ අවසාන කාලයට පැමිණ තිබීම හේතුවෙන්  දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එහෙත් මේ මස 15 වැනි දා සිට අන්තර් මෝසම් කාලය ආරම්භවන බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අන්තර් මෝසම් කාලය ආරම්භයත් සමග සවස් කාලයේ දී වැසි ඇතිවන බව ද ඔහු පෙන්වා දෙයි.

පවතින වියළි කාලගුණ තත්ත්වය මත ඊයේ (06) රත්නපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් (360C) ලෙස සහ ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සෙල්සියස් අංශක 32 ක් සහ අනුරාධපුර, කොළඹ දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක් සහ මඩකලපුව, මන්නාරම දිස්ත්‍රික්කවල සෙල්සියස් අංශයක 32 ක් වශයෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් වශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යාඥ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Rate this item
(0 votes)