May 07, 2024

'අපිට වඩා ලොකු පිරිසක් නිදහස් පක්ෂයේ ඉන්නවා' - ඇමති ප්‍රමිතගෙන් ප්‍රකාශයක්    

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු තමන්ගේ හදවත බවත් අපිට වඩා ශ්‍රී ලංකා කාරයෝ දැන් පක්ෂයේ සිටින නිසා නිහඩව ඒ දෙස බලාසිටින බවත් මධ්‍යම පළාත් ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන හා වනිතා කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (07) දඹුල්ල බස් නවතුම්පලේදී පැවති උත්සවයකදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමීප පවුලක සිටින තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති මහ මුහුදේ කුඩා හාල් මැස්සෙකු බවත් එහෙත් මෙහි සිටින තෝරු මෝරුන්ට නැති කැක්කුමක් හැගීමක් දැනීමක් තමන්ට ඇති බවද පැවසි ය.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස 

 

Rate this item
(0 votes)