May 07, 2024

නිදහස් චතුරස්‍ර ආරක්ෂකයින් ඉවත් කර නැහැ - සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු කරයි

පසුගිය දා සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් වූ නිදහස් චතුරස්‍ර භූමියේ වීඩියෝවට අදාල ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා නැති බවට රජයේ ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සනාථ කර සිටියි.

ඔවුන් දෙදෙනා සේවය කළ ආරක්ෂක සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ පමණක් සේවය අත්හිටුවා ඇති බවත් ඔහු පසුගිය පාලන සමයේ දී දේශපාලන පත්වීමකින් සේවයට පැමිණියෙකු බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු අප වෙත අනාවරණය කළේ ය. එමෙන්ම අදාළ ආරක්ෂක සමාගම සමග රජය අත්සන් කොට ඇති ගිවිසුම අහෝසි කිරීමට ද කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

තව ද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද සනාථ කළේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමක් සිදු කොට නොමැති බව යි.

එමෙන්ම එම නිලධාරීන් වෙනත් ස්ථානයක රාජකාරි සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිදහස් චතුරස්‍ර භූමියේ පෙම්වතුන්ගේ අයිතීන් වෙනුවෙන් ඊයේ දින සාමකාමී විරෝධතාවක් ද සමාජ ජාල පරිශීලකයින් විසින් සංවිධානය කර තිබුණු අතර එම ස්ථානයට පැමිණි හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉහත කී ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කරන ආකාරයේ නීති රීති මාලාවක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර නොමැති බව යි.

එම අවස්ථාවේ වීඩියෝ දසුන් පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)