May 06, 2024

'තහනම් උත්තේජක දී අශ්වයින් 4 දෙනෙකුත් මැරුවා' - ඇමති නවීන් හෙළි කරයි

නුවරඑළිය වසන්ත උදානය සමයේ තුරග තරග පිටියේ තරග කළ අශ්වයන් සිව් දෙනෙකුට තහනම් උත්තේජක ලබාදීම හේතුවෙන් එම සතුන් මියගිය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

තමන් ඉකුත් වසරේ ක්‍රීඩා ඇමතිව සිටිය දී එම සිද්ධිය වූ බව  හෙතෙම හෙළි කර තිබේ.

ලබන මස නැවතත් එම තුරග තරග වසන්ත උදානයට සමගාමී ව පැවැත්වෙන බවත අශ්වයන්ට තහනම් උත්තේජක ලබා දුන් අයටම මෙවරත් තරගය පැවැත්වීමට සංවිධායකයන් විසින් ඉඩ දී ඇති බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

ඔහු ඒ බව පැවසූවේ අනගාරික ධර්මපාල පදනම මගින් නුවරඑළිය නගරයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පසුගිය දා   පැවැත් වූ සෞඛ්‍ය සායනයක් සහභාගිවීමෙන් අනතුරු ව පැවති ජනහමුවක දී ය.

නුවරඑළියේ සම්පත් නුවරඑළියේ ජනතාවටම ලැබිය යුතු බව එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

එම සම්පත් සූරාකෑමට අගනුවරින් පිරිසක් නුවරඑළියට පැමිණෙන බවත් එයට තමන් තරයේ විරුද්ධ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. 

මෙම වැඩ සටහනට සමගාමී ව මස් පිණිස ඝාතනය කිරීමට සුදානම් කර තිබූ ගවයන් සිව්දෙනෙකු ද අමාත්‍යවරයා විසින් මුදාහරිනු ලැබුවේ ය. 

 

Rate this item
(0 votes)