May 06, 2024

ඉලෙක්ටි‍්‍රක් හා හයිබි‍්‍රඩ් වාහන ගෙන්වීමේ අවුලක්! 

‘ඉලෙක්ටි‍්‍රක්’ වාහන, ‘හයිබි‍්‍රඩ්’ වාහන ලෙස සැලකිය නොහැකි බවට පසුගිය අයවැයේදී මුදල් ඇමති සිය ව්‍යවස්ථාපිත බලය අනුව භාණ්ඩ වර්ගීකරණය කරමින් නිකුත් කළ නියෝගවල අන්තර්ගතය මහා භාණ්ඩාගාරයේ නිලධාරීයෙකු විසින් වෙනස් කරන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් මහත් ගැටලූවකාරී තත්වයක් හට ගෙන ඇතැයි ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද කරුණු වලට පටහැනි ආකාරයට මහා භාන්ඩාගාරයේ නිළධාරීයෙකු විසින් වෙනස්කම්වලට ලක් කළැයි කියන ලේඛණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ලබා දීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වයක් හට ගෙන ඇතැයි ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය  පවසයි.

පී.එච්.ඊ.වී. ලෙස හඳුන්වනු ලබන ‘ඉලෙක්ටි‍්‍රක්’ වාහන මෙම ලේඛනය අනූව සාමාන්‍ය හයිබි‍්‍රඩ් වාහනයක් ලෙස හැදින්විය නොහැකි බවද පවසන වාහන ආනයනයකරුවන්ගේ සංගමය එය මුදල් අමාත්‍යවරයාගේ අදහසට පටහැනි වන ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් වී ඇතැයි අවධාරණය කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 March 2016 11:36