May 06, 2024

මාලිංග විස්සයි -20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි 

විස්සයි - 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ලසිත් මාලිංග තීරණය කර තිබේ.

මාර්තු 15 වැනිදායින් පසු විස්සයි -20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින බවත් එසේම එම තරඟාවලියට සහභාගි වන්නේ දැනට පවත්නා ආබාධය සුව වුවහොත් බවත් මාලිංග පවසා තිබේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලසිත් මාලිංග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරඟයට හැර අනෙක් තරඟ කිසිවකට ක්‍රීඩා කිරීමට එක්වූයේ නැත.

මේ අතර විස්සියි -20 කණ්ඩායමේ නායකත්වය සඳහා වෙනත් අයෙකු නම් කිරීම සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවීමට නියමිත බවද වාර්තා වේ.

 

Rate this item
(0 votes)