May 07, 2024

'මහින්දත් ඉන්දියා ගිවිසුම්වලට සූදානමින් සිටියා'

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සීපා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා ඉන්දියාව අතර සමීප සාකච්ඡා පැවැති බවත් එයට ද සේවා වෙළදාම ඇතුළත්ව තිබූ බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ප්‍රකාශ කර තිබේ.

එවන් පසුබිමක ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව පුදුමයට පත්වන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 March 2016 06:52