May 05, 2024

ඒකාබද්ධ විපක්‍ෂය‍ මර්දනයටත් පාතාල සහාය ගනීවි - ප්‍රසන්න

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට ඉදිරියේදී ආණ්‌ඩුව පාතාල සාමාජිකයන්ගේ සහාය ලබාගනු ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩු සමයේ පාතාල සාමාජිකයන් මර්දනය කළ බවත් එහිදී ඇතැමුන් රටහැර පලාගිය බවත් ඊයේ (06) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන බල මණ්‌ඩල රැස්‌වීමට සහභාගි වෙමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.

රට හැරගිය පාතාල සාමාජිකයන් වත්මන් ආණ්‌ඩුව යටතේ රටට පැමිණ ආණ්‌ඩුවේම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ රැකවරණය යටතේ සිටින බවත්, ඉදිරියේදී ඔවුන්ගෙන්ද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ලවීමට ඉඩ තිබෙන බවත් රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)