May 05, 2024

කුලියාපිටිය දරුවාට ජනපතිගෙන් පොරොන්දුවක්

එච්.අයි.වී. අසාදනයට ලක්ව ඇති බව පවසමින් කුලියාපිටියේ පාසලකට ඇතුළත්වීමට නොහැකිව සිටින දරුවාට පාසලක් ලබාදීමට තමා මැදිහත්වන බවත් එවැනි සිද්ධියක් ඇතිවූයේ සමාජයේ නොදැනුවත් බව නිසා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අදාළ දරුවාගේ මව සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි. 

ජනපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එහි ගිය අතර පසුව ජනපතිවරයා දුරකතනයට ලබාගෙන ජනපතිවරයා හා කතා කිරීමට අදාළ මවට අවස්ථාව ලබාදී තිබේ.

'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

හය හැවිරිදි දරුවා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ව රස කැවිලි සහ පලතුරු හුවමාරු කර ගනිමින් ඒවා අනුභව කළ බවත් එම අවස්ථාවේ අසල්වැසියන් එහි රැස් වී සිටි බවත් වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2016 10:53