May 05, 2024

ජනපති කාර්යාල රියදුරා රිමාන්ඩ්

මීරිගම - කිතුල්වල දී හත්දරු මවක ගැටීමෙන් ඇගේ මරණය සිදු කර පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම ගෙන පොලීසියට බාරවූ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත රියදුරා එළැඹෙන 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් එල්.ඒ. පද්මිණී ලියනආරච්චි මහත්මිය පසුගිය 04 වැනිදා නියෝග කළාය.

මිරිගම පල්ලෙවෙල පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුවන විජලත් පේඩිගේ නිමල් ජයරත්න 51 නැමැත්තෙකු මෙසේ රිමාන්ඩ් කළේය.

ජනපති ලේකම්කාර්යාලයට අයත් මෙම රිය පිළිබඳව අද දිනයේදී රජයේ රස පරීක්ෂක පරීක්ෂා කිරීමට නියමිතය. 

 

Rate this item
(0 votes)