May 05, 2024

මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය සූදානම්

2015/2016 මහ කන්නය සඳහා වන වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති අතර, වී මිල දී ගැනීමේ රජය ප්‍රතිපත්තිය ප්‍රකාර මෙම කන්නයේදී දිස්ත්‍රික්ක 19ක වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව, 2015/2016 මහ කන්නය තුළ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය විසින් ගොවි ජනතාවගෙන් සෘජුවම වී මිල දි ගැනීමටත්, එම වැඩසටහන අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ/ දිසාපතිවරුන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සිදු වේ. 

මිල දී ගනු ලබන 'කීරි සම්බා' කිලෝග්‍රෑමයකට රුපියල් 50/-ක්ද 'සම්බා' වර්ගයේ වී කිලෝග්‍රෑමයකට රුපියල් 41/-ක්ද 'නාඩු' වර්ගයේ වී කිලෝග්‍රෑමයකට රුපියල් 38/-ක්ද බැගින් ගෙවීමටත්, එක් අයෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2,000ක උපරිමයකට යටත්ව කන්නය තුළ වී මිල දී ගැනීම සිදු වේ.

Rate this item
(0 votes)