May 13, 2024

බන්ධනාගාර රැඳවියන් තවමත් ආහාර වර්ජනයේ 

ආහාර වර්ජනයේ නිරත බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 13 දෙනෙකු පසුගිය 23 වැනි දා සිට ආහාර වර්ජනයක නිරත වී සිටියි.

නඩු පැවරීමකින් තොරව වසර ගණනාවක් තමන් බන්ධනාගාර ගත කර තැබීමට විරෝධය පළකරමින් මෙම සිරකරුවන් උපවාසයේ නිරත වී සිටින බව වාර්තා වෙයි.

දෛනිකව අදාළ සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාර වෛද්‍යවරයා පරීක්ෂා කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

උපවාසයේ නිරත කිසිඳු රැදවියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)