May 09, 2024

කාන්තාවන් වෙනුවෙන් ව්‍යවස්ථාමය අධිකරණයක්

ඉදිරියේ දී කාන්තාවන් හට සමාජයේ වැඩි ඉඩක් ලබාගැනීමට අපේක්ෂා කරන බව යුද්ධයෙන් විපතට පත් වූ කාන්තාවන්ගේ සංගමය සඳහන් කරයි.

කාන්තාවන් වෙනුවෙන් ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිටුවීම හා කාන්තා අයිතිවාසිකම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතරවන බව එහි සභාපතිනී විශාඛා ධර්මදාස මහත්මිය පවසයි.

එමෙන් ම දේශපාලනයේ දී කාන්තා නියෝජනය සැළකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සඳහන් කරයි. 

Rate this item
(0 votes)