May 09, 2024

බටහිර පාතාලය මැඩලීම පූජිතට පවරයි

බස්නාහිර පාතාලය මැඩලීමේ වගකීම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත්  ජයසුන්දර මහතා වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ වෙඩි තැබීම් සමගින් පාතාල සන්නද්ධ කණ්‌ඩායම් යළිත් හිස ඔසවීම හේතුවෙන් මෙම වගකීම ඔහුට භාර දී ඇති අතර  මීට පෙර කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් පාතාලය සහා හෙරොයින් ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් ඔහුට අත්දැකීම් ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Rate this item
(1 Vote)