May 09, 2024

රතුපස්වල තුවාල ලැබුවන්ට වන්දි

2013 වසරේ අගෝස්තු 01 වැනිදා රතුපස්වලදී යුද හමුදා වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට ලබන අප්‍රේල් 05 වෙනිදාට පෙර වන්දි ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති සාකච්ඡාවක දී තීරණය වූ බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ලේකම් ටී.බී. අබේකෝන් මහතා, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාන් ලක්තිලක මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් එම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

රතුපස්වල ප්‍රශ්නය ගැන රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සලකා බලා පසුගිය දෙසැම්බර් මාසයේ ජනාධිපති අතිරේක ලේකම්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවති අතර රාජ්‍ය නිළධාරීන් මේ සඳහා සාකච්ඡා පවත්වා ප්‍රශ්නය විසදන බවට පොරොන්දුවක් ද දී තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2016 10:09