April 28, 2024

රජය වී ආනයනය කිරීමට සූදානම්

රජය වී ආනයනය කිරීමට සූදානම්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

පොහොර සහනාධාරය ලබා දී වී මිල දී ගැනීම පාඩු ලබන හෙයින් ආණ්ඩුව මෙම පියවර ගැනීමට සූදානම්වන බව හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසූවේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනහමුවක දී ය. වර්තමානයේ මාධ්‍ය නිදහසට සීමා පැනවෙමින් ඇති බව ද කේ.ඩී. ලාල්කාන්ත මහතා එහි දී සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)