April 28, 2024

ඉන්දීය වකුගඩු ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කරයි

වැල්ලවත්ත බ්ලූමවුන්ට් නිවාස ඒකකයේ 07 වැනි මහලේ රැඳී සිටි වකුගඩු ඡාවාරමට සම්බන්ධ බව කියන ඉන්දීය ජාතිකයින් 08 දෙනෙකු මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවාතබා ගෙන පරීක්ෂණ සිදු කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (04) කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබේ.

එම සැකකරුවන් වකුගඩුවලට අමතරව තම ශරීරයේ වෙනත් අවයව ඉවත් කර ඇත්දැයි යන්න පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ අපරාධ කෙට්ඨාශය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේ ය.

Rate this item
(0 votes)